Test kit for pronunciation difficulties

උච්චාරණ අපහසුතා සඳහා පරික්ෂණ කට්ටලය

මොකක්ද මේ උච්චාරණ අපහසුතා සඳහා පරික්ෂණ කට්ටලය

මගේ වෘත්තීය ජීවිතය තුලදී මට මුණගැසුණු බොහෝ සේවාලාභින් අතරින්, තමන්ගේ කුමන හෝ කථන ගැටලුවක් නිසා සන්නිවේදනයට බාධා එල්ල වුනු අය අතර වැඩි පිරිසක් “උච්චාරණ අපහසුතා” හේතුවෙන් පසුබෑමට ලක් වෙමින් සිටියා. මේ අය අතර වැඩි පිරිසක් දරුවන් සහ තරුණ තරුණියන්. ඒ වගේම ඉතා දක්ෂ වෘත්තීයවේදීන් පවා තමන්ගේ උච්චාරණයේ පවතින වෙනස, එහෙමත් නැතිනම් දෝෂය නිසා සන්නිවේදනය මග හරින අවස්ථා දකින්නට ලැබුනා. ඒ නිසාම ඔවුන්ට සමහර වැදගත් සහ වටිනා අවස්තා මග හැරුනා. සමහර වෙලාවට සමාජයේ උසුළු විසුළු වලට ලක්වීම නිසා ඔවුන් මානසික පසුබෑම් වලට, ආතතියට සහ තමන්ගේ දක්ෂතා හදුනාගැනීමෙන් වැලකි සිටින්නට පවා පෙළඹුණු තැන් අහන්නට ලැබුනා.

ඒ වගේම වර්තමානයේ ගොඩක් දෙනෙක් විදෙස්ගත වෙන නිසා වෙනත් භාෂා උච්චාරණය කරන්නට සිදුවෙනවා. මේ අවස්ථාවේදී තමන්ගේ උච්චාරණය අපැහැදිලි නම්, සමහරවිට ඔබ පැවසූ දෙය වටහගන්නට අසීරු වීමෙන් ප්‍රායෝගික ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.

හැබැයි සාමාන්‍යයෙන් අප වෙත පැමිණි බොහෝ දෙනෙකුට කථන ශබ්ද කීපයක් පමණයි නිවැරදිව උච්චාරණය කිරීමට අපහසු වෙලා තිබුනේ. නමුත් ඒ කුඩා ගැටලුව නිසා ඔවුන් බොහෝ පිඩාවන්ට ලක්වෙලා තිබුනා. සමහරු නම් ඒ සඳහා කල යුතු දේ දැනගෙන තිබුනේ ගොඩක් පහු වෙලා. ඒ වගේම සමහරු කථන සායන වලට යන්නට මැලි කමක් දැක්වූවා. එය ලැජ්ජාවක් නොවුනත් එහෙම හිතන අයත් ඕනේ තරම් ඉන්න නිසා ඒ ගැටලුව තියෙන අයටත් නිවසේදීම කළහැකි දේවල් දැනගන්න එක හුගක් වටිනවා.

ඒ වගේම සමහර වෙලාවට මේ උච්චාරණ අපහසුතාවය තියෙන ස්ථානය, එහි තිව්රතාවය වගේ දේවල් නිවැරදිවම හොයාගෙන ඉදිරියට යන්න සායනික සැසි කීපයක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා ඔබේ කාලය සහ මුදල් ඉතිරි කරගෙන මේ ගැටලුව නිවැරදිවම හඳුනා ගෙන අවශ්‍ය චිකිත්සක උපදෙස් ලබාගන්න වඩාත් පහසු කර්මයක් විදියට තමයි අපි මේ “උච්චාරණ අපහසුතා සඳහා පරික්ෂණ කට්ටලය” ඔබට ලබාදෙන්නේ. මේ පරීක්ෂණ කට්ටලය අපි වසර 12ක් තිස්සේ සායන වලදී වගේම අපගේ සේවාලාභින් හරහා නිවෙස් වලදීත් පරික්ෂා කරවලා, සුදුසු වෙනස්කම් සහ අත්‍යවශ්‍ය කොටස් එක් කරලා, එහි ප්‍රතිපල සාර්ථකව ලබාගත්තට පස්සේ තමයි තෙරා බුක්ස් හරහා ඔබ වෙත ලබාදෙන්නේ.

මේ කට්ටලය ඔබ ලංකාවේ හෝ විදෙස්ගතව සිටියත්, ඔබට වඩාත් පහසු භාෂාව යොදාගෙන භාවිතා කරන්නට හැකිවීම තමයි මෙහි ඇති වඩාත්ම වැදගත්කම. ඒ වගේම මේ පොත ඔබ වෙත ලැබුණු වහාම මේ පරික්ෂාව සිදු කරන ආකාරය ගැන පැහැදිලි සම්පූර්ණ මග පෙන්වීමක් අප විසින් ඔබට ලබාදෙනවා.   

නිවසේදීම උච්චාරණ අපහසුතාවය නිවැරදිව හදුනා ගත්තට පස්සේ ඔබේ ගැටලුවට අදාල අනන්‍ය කථන චිකිත්සක උපදෙස්, මගපෙන්වීම සහ මේ අපහසුතාවයට අදාල කථන චිකිත්සක ක්‍රමශිල්ප යොදාගෙන මේ ගැටලුවෙන් මිදී, දක්ෂ පැහැදිලි සන්නිවේදකයෙක් විදියට ඕනෑම භාෂාවක් භාවිතා කරගෙන ඉදිරියට යන්න ඔබටත් පුළුවන්.

 ඉතින් එහෙමනම්, උච්චාරණ ගැටළු නැති, සාර්ථක හඩක් වෙනුවන් ඔබට මගේ උණුසුම් සුභපැතුම්

මේ ගැන හැම දෙයක්ම දැන ගන්න වීඩියෝ එක බලන්න

Watch the video to know everything about this.

Scroll to Top