ප්රමාදය පසුතැවිල්ලට හේතුවක් නොකර ගනිමු…
ඔයාලගේ ගෙදරත් ඉන්නවද කතාබහ කරන්න ප්රමාද බවක් පෙන්වන පොඩ්ඩෙක්???
ටික කාලෙකින් හරියයි කියලා බලාගෙන ඉන්නවද??? නැත්නම් දරුවාට අපල කියලා කාලේ ගෙවෙනකම් බලාගෙන ඉන්නවද???
ඔයාලා දන්නවද කාලය, එහෙමත් නැත්නම් දරුවාගේ වයස වැඩි වෙනකොට ප්රමාදයේ වයසත් වැඩි වෙනවා කියලා… ඒ කියන්නේ ප්රමාදයේ සංකිර්ණබව වැඩි වෙනවා… ඔයාලා හැමෝම දන්නවනේ අපේ පැරණි උපහැරණය, “නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න උනොත්”…???
අමාරුයි නේද? ඉතින් අද සටහන හොදින් කියවලා තීරණය කරන්න ප්රමාදය ඉබේ හරියනකම් බලන් ඉන්නවද නැත්නම් ඉක්මනින් ප්රතිකාර සදහා යොමු වෙනවද කියලා…
දැන් අපි බලමු වයසත් එක්ක ප්රමාදයේ සංකිර්ණබව වැඩි වෙන්නේ කොහොමද කියලා… අපි හිතමු ඔයාගේ බබාට දැන් වයස අවුරුදු 2 යි කියලා. දැන් එහෙනම් බබා වචන 2 – 3 ක් එකට එකතු කරලා කතා කරන්න ඕනේ. ඒ වගේම අඩුම තරමින් තනි වචන 50ක් වත් කතා කරන්න ඕනේ. සාමාන්යයෙන් වචන 200 – 500 අතර තේරුම් ගන්නත් පුළුවන් වගේම හොදට කතා කරන බබාලා මේ වයසේදී වචන 100 කට වැඩි ප්රමාණයක් කියන්නත් පුළුවන්.
එතකොට අපි හිතමු කවුරුහරි පුංචි බබෙක් ඉන්නවා නම් වයස අවුරුදු 2ක් වෙන ඒත් තනි වචන කතා කරන්නේ 5-6 ක් වගේ කියලා. එතකොට ඒ බබාගේ පොඩි කථන ප්රමාදයක් තියෙනවා. වචන 5ක් 6ක් කියන්නේ සාමාන්යයෙන් මාස 12 වගේ කියලා ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ මේ බබා ගේ කථන හැකියාව තියෙන්නේ අවුරුදු 1 කියන වයසට ලගින්. හැබැයි බබාට දැන් වයස අවුරුදු 2යි . ඒ කියන්නේ බබාගේ ප්රමාදයේ වයස වෙන්නේ අවුරුදු 2- 1 =1 යි. බබාට තියෙනවා අවුරුද්දක වගේ ආසන්න ප්රමාදයක්.
අපි දැන් හිතමු ඔයාලා දන්න බබෙක් ඉන්නවා කියලා වයස අවුරුදු 4ක් වෙන. ඒ බබාටත් තියෙනවාලු ප්රමාදයක්. ඒ බබාටත් කතා කරන්න පුළුවන් තනි වචන 5-6 ක් වගේ ලු. ඒ කියන්නේ ඒ පොඩ්ඩාටත් වයස අවුරුදු 1 වගේ කථන හැකියාවක් තමයි තියෙන්නේ. හැබැයි ප්රමාදයේ වයස බලනකොට අවුරුදු 4 – 1 = 3 යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 3 ක වගේ ප්රමාදයක් තියෙනවා.
දැන් මොකද හිතෙන්නේ… ලේසියෙන් සහ ඉක්මනින් නිවැරදි කරගන්න පුළුවන් අවුරුදු 1 ක ප්රමාදයක් ද අවුරුදු 3 ක ප්රමාදයක් ද???
මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. ඉක්මනින් ප්රතිකාර වලට යොමු වෙන්න කියන්නේ මෙන්න මේ නිසා. තවත් කරුණක් තියෙනවා. ඔබට නොපෙනුනාට කුසලතා වල ප්රමාදයක් තියෙන දරුවෙකුගේ වෙනත් හැකියා සහ කුසලතා වලත් සැගවුණු ප්රමාද තත්ත්ව තියෙන්න පුළුවන්. ඒ නිසා කථනය හෝ භාෂාව විතරක් නෙමෙයි, කායික හැකියා,සියුම් චාලක හැකියා , සංවේදන ආශ්රිත ගැටළු වගේ කුමන හෝ ප්රමාදයක් හෝ ගැටළුවක් තිබේ නම් වහාම වෛද්ය උපදෙස් ලබාගන්න. දරුවාව යොමු කරන ප්රතිකාර වලට අප්රමාදව යොමු වෙන්න.
මතක තියාගන්න. චිකිත්සක ප්රතිකාර වලට යොමු වෙනවා කියන්නේ ජිවිතයේ ගුනත්මකතාවය ඉහල දැමීමට හේතුවන ක්රියාවලියක් මිස ලැජ්ජාවට පත් වෙන්න හේතුවක් නෙමෙයි. ඒක සියළුම චිකිත්සක ප්රතිකාර වලට අදාලයි.
කථන ව්යාධිවේදීන් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපැදීම සහ ඉක්මනින් භාවිතයට ගැනීම අත්යවශ්ය බවත් හොදින් මතක තියාගන්න…